අපි සමග එක් විමට.

 

අපි සමග එක් විමට.

Techli4r වෙබ් අඩවියට නිතර ඇවිල්ලා  news බලන ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න.

ඔබට ඉංග්‍රීසි භාෂා හැකියාව තියනවා නම්, translate කරන්න හෝ ඔයාගේ විදිහට ලිපි ලියන්න හැකියාවක් තියෙනවා නම් වගේම ඔයාගේ දක්ෂතාවය හැමෝමත් එක්ක බෙදා හදා ගන්න කැමති නම්, වෙබ් අඩවියක  කතුවරයෙකු වීමට දැන් ඔබට අවස්ථාව තිබෙනවා.


අවශ්‍යය මූලික දේවල්
  • Techli4r Account එකක්
  • සිංහල type කිරීමට අපහසු නම් Google input tools වැනි පහසුකමක්
Techli4r Account එකක් ලබා ගන්නා ආකාරය

ඔයාට Techli4r account එකක් ලබාගන්න නම්, පහළ button එක මගින් google form එකට ඔයාගේ නම, ලිපිනය හා දුරකථන අංකය, email සඳහන් කරලා එවන්න. Techli team එකෙන් ඔයා එවන තො‍රතුරු  review කිරීමෙන් අනතුරුව දවස් කිහිපයක් ඇතුලත ඔයාට invitation email එකක් ලැබෙයි. Invitation mail එකක් ඔයාට ලැබුණු විට ඒ හරහා Techli account එකක් හදා ගන්න පුළුවන්.

Go to Google form
සැළකිය යුතුයි,   

 

1) ඔබට Invitation mail එක ලැබෙන්නේ request එක දැමීමට භාවිතා කරනු ලැබූ email ලිපිනයට බැවින් request එක දැමීමෙන් අනතුරුව ලැබෙන email ගැන අවධානයෙන් පසු වන්න. සමහර විටක අදාල invitation එක spam folder එකට වුවත් ලැබීමේ සම්භාවීතාවයක් ඇත.
පරිවර්තනයේ දී සැලකිය යුතු කරුණු
  • පරිවර්තනය ආරම්භ කිරීමට පෙර එම ලිපිය කියවා හොඳින් තේරුම් ගන්න
  • හැකි සෑම විටම සරල ව කරුණු ඉදිරිපත් කරන්න
  • සෑම වචනයක් ම අතිශයින් ම සිංහල විය යුතු නැත. කියවන්නාට තේරෙන අයුරින් නිතර භාවිතා වන ඉංග්‍රීසි  වචන පාවිච්චි කිරීමට උත්සාහ ගන්න. (උදා: Mouse එකට මූසිකය යනුවෙන් යෙදීම අවශ්‍ය නොවේ.)
  • සෑම විටම පරිවර්තනය කිරීමෙන් පසු නැවත වරක් පරිවර්තිත ලිපිය හොඳින් කියවා බලා නොගැලපෙන තැන් ඇතොත් ඒවා නිරාකරණය කරන්න
පරිවර්තනය අවසානයේ දී

ලිපිය අවසන් කිරීමෙන් අනතුරුව, ඔයාගේ article එක Techli4r editorial review process එක හරහා යැවෙන අතර මෙහිදී Techie team එකේ editor කෙනෙක්/හෝ කිහිපදෙනෙකු ඔයාගේ ලිපිය අපේ Terms & Conditions වලට, Privacy Policy  අදාලව review කිරීම සිදු කරනවා.

Review එක අවසානයේ සුළු වෙනස්කම් පමණක් ඇත්නම් ඒවා නිවැරදි කෙරෙනු ඇති නමුත්, එහි ඇති කරුණු වල නිරවද්‍යයතාවය, සත්‍යතාවය හෝ භාශාමය ගැටළු ඇත්නම්, එය නැවතත් ඔබ වෙත යොමු කරනු ඇත.


සැළකිය යුතුයි

 

ඔබ කැමති news source එකකින් news තෝරා ගැනීමට කටයුතු කරන්න.

Techli4r සමඟින් සම්බන්ධ වන සියලුම සාමාජිකයින් අපගේ Privacy Policy එක කියවා තේරුම් ගැනීම මෙන්ම ඊට අදාලව කටයුතු කිරීම අනිවාර්යය කාරණයක් වන බව කරුණාවෙන් සළකන්න.

Post a Comment

0 Comments