මෝටර් රථයක dashboard screen එක වෙනුවට tablet එකක් හෝ, ජංගම දුරකථනයේ screen එක Android Auto පහසුකම සමඟින් භාවිතා කිරීමේ හැකියාව මේ දක්වා ලබාදීමට Google ආයතනය කටයුතු කර තිබුණු බව ඔබ දන්නවා ඇති.

නවීන මෝටර් රථ වල Android Auto පහසුකම අන්තර්ගතව පැවතියත්, බොහෝ පැරණි මෝටර් රථ සඳහා මේ ජංගම දුරකථනයේ screen එක dashboard එකක් ලෙස භාවිතා කිරීමේ ඉතාමත් වැදගත් වුණා.

කොහොම නමුත් මේ වන විට Android Auto for Phone Screens experience, එහෙමත් නැතිනම් ජංගම දුරකථනය හරහා Android Auto පහසුකම භාවිතා කරන්නන් හට,

Android Auto for phone screens will stop working soon

යනුවෙන් message එකක් පෙන්වීමට Google සමාගම කටයුතු කර ඇති අතර, මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා වෙනත් link එකක් හෝ ලබා නොදෙන බවද පරිශිලකයින් තහවුරු කර තිබෙනවා.

2021 වර්ෂයේදී Google සමාගම Android 12 වෙතින් මේ Android Auto පහසුකම ඉවත් කිරීමට කටයුතු කළ අතර, ඒ වෙනුවට Google Assistant Driving Mode නම් වෙනත් පහසුකමක් හඳුන්වාදෙනු ලැබුවා.