නොකියා ඕවිජී යනු, ෆින්ලන්ත බහුජාතික සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ සමාගමකි. මහා හෙල්සින්කි පුරවර ප්‍රදේශයෙහි, එස්පර්, ඌසිමා හී, නොකියා මූලස්ථානය පිහිටා ඇත.2014 වසරේදී, රටවල් 120 ක් පුරා නොකියා විසින් සේවකයන් 61,656 ක් භාවිතා කරමින්, රටවල් 150 කට වැඩි සංඛ්‍යාවක වෙළෙඳාම් කටයුතු කරමින් වාර්ෂීක ආදායම €12.73 බිලියන පමණ රැස් කර ගති. නොකියා යනු හෙල්සින්කි කොටස් වෙළෙඳපොළෙහි සහ නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කර ඇති පොදු සීමාසහිත -ආධිනතා සමාගමකි.ෆෝර්චූන් ග්ලෝබල් 500 පරිදී, 2013 ආදායම් මිනුම අනුව එය ලෝකයේ 274වන-විශාලතම සමාගම වෙයි.
සමාගම විසින් වර්තමානයේ සිය අවධානය යොමු කරන්නේ මහා-පරිමාණයේ දුරවිනැවුම් යටිතලව්‍යුහයන්, තාක්ෂණික ප්‍රවර්ධනය සහ බලපත්‍රකරණය සහ, මාර්ගගත සිතියම්කරණ සේවා වෙතය. ජීඑස්එම් සහ එල්ටඊ ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීමෙහි ලා සහාය වෙමින්, ජංගම දුරකතන ක්‍රම කර්මාන්තයෙහිද සැලකිය යුතු දායකත්වයක් නොකියා විසින් සිදු කෙරුනු අතර, කිසියම් කාල පරිච්ඡේදයක් තුලදී, ලෝකයේ විශාලතම ජංගම දුරකතන විකුණුම්කරු විය.ස්මාට්ෆෝන් කර්මාන්තය වෙතද නොකියා හී ආධිපත්‍යය විස්තීරණය කෙරුණු මුත්, ඇපල් හී අයිෆෝන් පෙළ සහ ඇන්ඩ්‍රොයිඩ් මෙවලම් වල නැගී ආ ආධිපත්‍යය නිසා එය විගසින් ඡායාච්ඡාදනය විය. අත්‍යන්තයෙහිදී 2011 වසරෙහිදී, නොකියා විසින් මයික්‍රොසොෆ්ට් සමග ගිවිසුමකට එළඹියේ, අනාගත ස්මාර්ට්ෆෝන් සඳහා අනන්‍ය ලෙසින් එහි වින්ඩෝස් ෆෝන් මඤ්චකය භාවිතා කිරීම සඳහාය.
සම්පූර්ණ අගය €5.44 බිලියන (US$7.17 බිලියන) වන සමස්ත ගනුදෙනුවක කොටසක් වශයෙන්, නොකියා හී ජංගම දුරකතන ව්‍යාපාරය අත්පත් කර ගන්නා බවට, 2013 සැප්තැම්බරයේදී, මයික්‍රොසොෆ්ට් ප්‍රකාශයට පත් කලේය. 2014 අප්‍රේල් 25 දින අවසන් කෙරුණු ගනුදෙනුවේ කොටසක් ලෙසින්, නොකියා හී හිටපු ප්‍රවිනි, ස්ටිෆන් එලොෆ් සහ තවත් විධායක නිලධාරින් කිහිප දෙනෙක්, මයික්‍රොසොෆ්ට් හී උපාංගයක් වන නව මයික්‍රොසොෆ්ට් මොබයිල් හා එක්වුනහ. 2014 සැප්තැම්බරයේදී, තෙවන-පාර්ශව නිෂ්පාදකවරුන් සඳහා, නිෂ්පාදන සැලසුම් හා තාක්ෂණ බලපත්‍රකරණය කිරීම නොකියා විසින් ඇරඹුවේ, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් දෘඩාංග වෙළෙඳපොලෙහි නොකියා සන්නම දිගටම පවතිනු පිණිසය.
2015 අප්‍රේල් 15 දිනදී, නොකියා ප්‍රකාශයට පක්කලේ, €15.6 බිලියන මුදලකට, ප්‍රංශ දුරවිනැවුම් උපකරණ සමාගම ඇල්කටෙල්-ලූසන්ට් තමන් විසින් මිලයට ගන්නා බවයි.
Technipedia වෙතින්
0 Comments