
මේ වන විට අප සියලු දෙනාම අවම වශයෙන් එක Google Account එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අපගේ එදිනෙදා කටයුතුවලට භාවිත කරනවා.
බොහෝ විට ඒ Google E-Mail පහසුකම ලබා ගැනීමට හෝ වෙනත් අවශ්‍යතා සඳහායි. කොහොම නමුත් සාමාන්‍යයෙන් භාවිත වන Google Account එකට අමතරව අප සතුව තිබෙන අනෙක් Google Account බොහෝ විට දිනපතා භාවිත වීමක් සිදු වන්නේ නැ.
කෙසේ වෙතත් Google සමාගම විසින් ඔවුන්ගේ Inactivity Policy එක Update කිරීමට මේ වන විට කටයුතු කර තිබෙන අතර ඒ අනුව ඔබගේ Google Account එක වසර දෙකක පමණ කාලයක් තුළ කිසිදු භාවිතයක් නොවි පවති නම් එලෙස අක්‍රීයව පවතින Google Account Delete කර, ඉවත් කර දැමීමට තිරණය කර තිබෙනවා.
එනම් මේ නව Inactivity Policy එක (මැයි 16) දින සිට ක්‍රියාත්මක වීම ආරම්භ වන අතර මෙලෙස වසර දෙකක පමණ කාලයක් තිස්සේ භාවිත නොවන Google Account ඉවත් කිරීම / මකා දැමීම මේ වසර දෙසැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමටත් නියමිත වනවා.
මෙලෙස Google Account එක Delete විමෙන් පසු Gmail, Docs, Drive, Meet, Calendar, YouTube සහ Google Photos ආදියේ ඇති ඔබගේ සියලුම දත්ත මැකි යාම සිදු වනවා. කෙසේ වෙතත් ඔබට ඔබගේ ආයතනය හෝ විශ්ව විද්‍යාලය මගින් සපයා ඇති email එකක් පවතී නම් එය සඳහා මේ නව Inactivity Policy එකේ බලපෑමක් සිදු නොවන බවත් සදහන් වනවා.
තවද ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙලස එම ගිණුම මකා දැමීමට පෙර දැනුම්වත් කිරීම් කිහිපයක් සිදු කරන බවයි. ඒ සඳහා ද ඔබ නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකළහොත් ඔබගේ ගිණුම මකා දැමෙනු ඇත.
ඔයාලටත් මේ වගේ භාවිතයක් නොවන Google Account තියෙනවනම් ඒවා සක්‍රීය ආකාරයෙන් පවත්වා ගන්නේ කෙසේද ?
0 Comments