End-to-end encryption ගැන ඔබ අසා ඇති. එහි අර්ථය වන්නේ ඔබ යවන කෙටි පණිවිඩ තෙවන පාර්ශවයකට බැලිය නොහැකි බවය. යවන්නාට සහ ලබන්නාට පමණක් දිස් වන කෙටි පණිවිඩ එය අයත් සමාගමටවත් කියවිය නොහැක. මෙය ඔබ යවන පණිවිඩ වල ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සහතික කරවනවා. අද අපි මේ ගැන කතා කරමු.
Kik
Kik සමාගමට ඔබ Kik ඇප් එක හරහා යවන පණිවිඩ කියවිය හැකිය. නමුත් පණිවිඩය යවන්නා වෙත යැවුණු පසුව සමාගමට බැලිය හැකි නොවන ලෙස ඔබගේ පණිවිඩ මකා දැමෙන බව ඔවුන් පවසා තිබෙනවා. මේ නිසා පසුකාලීනව ඔබගේ පණිවිඩ යමෙකු (නීතිමය කටයුත්තක් වැනි දෙයක් සඳහා) ඉල්ලා සිටියහොත් සමාගම සතුව ඒවා නොපවතිනු ඇත.
Facebook (Messenger සහ Instagram)
මෙම ඇප් දෙක ඔබ යවන පණිවිඩ ගබඩා කර තබා ගන්නවා. නීතිමය කටයුත්තක් උදෙසා ඔබ යවන ලද පණිවිඩ ඉදිරිපත් කරන්නට සිදු වූවොත් ඔවුන් විසින් ඒවා ඉදිරිපත් කරනු ඇත.
Google Hangouts හරහා යවන පණිවිඩ ගබඩා වෙන අතර Google හට අවශ්‍ය නම් ඒවා කියවිය හැකිය. ඒ හැර බාහිර පාර්ශවයකට ඔබගේ පණිවිඩ කියවීමට නොහැකි වන ලෙස තද ආරක්ෂාවක් සපයා ඇත. නමුත් යම් නීතිමය කටයුත්තක් උදෙසා ඔබගේ පණිවිඩ ලබා දීමට සිදු වුව හොත් ඔවුන් විසින් එය ඉදිරිපත් කරනු ඇත.
Snapchat
යවන ලද පණිවිඩ අතරින් ලබන්නා තවමත් නොකියවූ පණිවිඩ නැරඹීමේ හැකියාව Snapchat සතුව පවතිනවා. ඒවා ලබන්නන් විසින් විවෘත කළ විගසම ගබඩාවෙන් මකා දමනවා. ලබන්නා විසින් විවෘත නොකරන කෙටි පණිවිඩ දින 30ක් පුරාවට ඔවුන් ගබඩා කර තබා ගන්නා අතර නිත්‍යානුකුල ගැටළුවක් පමණිය හොත් ඒවා ඉදිරිපත් කරනු ලබනවා.
Twitter හරහා යවන පණිවිඩද ඔවුන් ගබඩා කර තබා ගන්නවා. නීතිමය ගැටලුවකදී Twitter ගබඩා කර ගත් පණිවිඩ ඉදිරිපත් කරනවා.
Skype
Skype ඇප් එක භාවිතා කරමින් හුවමාරු වන පණිවිඩ මයික්‍රොසොෆ්ට් හි ගබඩා වෙනවා. නීතිමය කටයුත්තක් වෙනුවෙන් ඉල්ලා සිටියහොත් පුද්ගලික පණිවිඩ භාර දීමට ඔවුන් කටයුතු කරනවා.
Apple
Apple හි iMessages කියවිය හැක්කේ යවන්නා සහ ලබන්නාට පමණි. සමාගමට ඒවා කියවිය නොහැක.
නමුත් ඔබ ඔබගේ පණිවිඩ iCloud සේව් කරන්නේ නම් සමාගමට ඒවා කියවිය හැකිය. අවශ්‍ය විටෙක නීතිමය කටයුත්තක් සඳහා iCloud හි පණිවිඩ ලබා දීමට ඔවුන් පියවර ගනු ඇත.
0 Comments