ඔන්න වෙබ් බ්‍රව්සර් අතරින් තවත්  ජනප්‍රිය Browser එකක් තමයි Opera කියන්නෙ.

ඉතින්  අලුත් විශේෂාංග එක්කල නවතම Opera Browser එක සියලුම පරිශීලකයන් සදහා මේ වසරේ අවසානයෙදි නිකුත් වෙනවා. මෙය Opera One ලෙසයි ඔවුන් හදුන්වා දෙන්නෙ.

Opera One නවතම AI විශේෂාංග සහ Extensions ඇතුලුව සිත්ගන්නාසුලු පෙනුමක් ලබාදී නිර්මානය කර තිබෙනව. ඇත්තටම කිවුවොත් පට්ට Feeling එකක් තමා එන්නේ..

මෙයට එක්කර තිබෙන නවතම Multithreaded Compositor සමග නව විශේෂාංගයක් වන tab islands හදුන්වා දී තිබෙනව. මෙම බ්‍රව්සර් එකට ස්වයංක්‍රීයව පරිශීලකයා බාවිතා කරන වෙබ් අඩවි වර්ගීකරනය කර ඒවා තනි ටැබ් එකක් ලෙස සකසන්න පුලුවන්.

උදාහරනයක් ලෙස ඔබ Facebook tab  කිහිපයක් විවෘත කරගෙන සිටිනව නම් ඒ සියල්ල තනි ටැබ් එකක් ලෙස පෙන්වනවා.

Tabs විශාල ප්‍රමානයක් විවෘත කරගෙන ඉන්න කොට විට Web Browser එක බාවිතා කිරීමට අපහසු වෙන අතර මෙමගින් පරිශීලකයන්ට ඉක්මනින් Task අතර මාරු වීමේ හැකියාව ලැබෙනව.

මෙම Opera One තුල AI chatbot එකකුත් අඩංගු කර තිබෙනව. ඔවුන්ගේ වෙබ් අඩවියෙන් මෙම නව විශේෂාංග සහිත Opera One බාගත කරගැනීමේ හැකියාව පවතිනව.

ඉතින් ගොඩක් දේවල් තියෙනවා මේ Opera One  ගැන ඔයාලට කියන්න ..  කියනවට  වඩා හොදයි Opera One   පාවිචිකරලා බලන්න කොහොම වෙනස කියලා..

දැනට ඔයාලට Opera One Software එක පහළින් Downlond කරන්න පුළුවන්.

                                                   Download